ගුණසේන සිංහල - සිංහල ශබ්ද කෝෂයට (සිව්වන මුද්‍රණය, 2015) අනුව, (I) ප්‍රතිබිම්බ නා.ප්‍ර. (නාම ප්‍රකෘතිය) 1. කාචයක් හරහා යන හෝ දර්පණයකින් පිටවන හෝ ආලෝක කිරණ මගින් නිරීක්ෂකයා ගේ ඇස කරා ගෙන වස්තුවක සාමාන්‍ය හැඩය, පිළිබිඹුව, 2. ප්‍රතිමාව (II) ඡයා නා.ප්‍ර. (නාම ප්‍රකෘතිය) 1. සෙවණ, සෙවණැල්ල, පාරාන්ධ වස්තුවක් මත පතිත වූ ආලෝකය විනිවිද යා නොදී රැදීම නිසා ඒ වස්තුවට මුවා වූ ප්‍රදේශයේ ඇති වන අඳුරු ගතිය 2. ජලය 3. කාන්තිය 4. ඡයාව, හිරු දෙවින්යන්ගේ බිරිද 5. සංගීතයෙහි දැක්වෙන රාගයක් 6. ඡන්දයක් [සංස්කෘත/පාලි තත්සම] ඉහත වචන වල අර්ථයන් මගින් නිසදැස් කවියේ "මාතෘකාවේ" විවිධ අරුත් නිරුපණය වේ. මෙම පැදි පෙළ මා ළමා කාලයේ ලද බියකරු අත්දැකීමක් (ක්‍රි. ව. 1999 - 2001) ඇසුරෙන් ලියන ලදී. ------------------------------------------------------------------------------------------------------------------------- ප්‍රතිබිම්බයකි, දුටුවේ මම , ජනේලේ වීදුරුවේ..... කාලය යයි..... ක්ෂණයකින්........ බියක්..... සිතේ හා ගතේ...... තිගැස්මකි....... ක්‍රමයෙන් බිය නැතිවෙයි...