පරාවර්තනය (නාම ප්‍රකෘතිය)
ආපසු හෝ අනෙක් පැත්තකට හෝ හැරීම. [සංස්කෘත තත්සම]
පරිවර්තන (නාම ප්‍රකෘතිය)
01. පෙරලීම, මාරු කිරීම.
02. හැරීම.
03. පලා යාම.
04. කරකැවීම.
05. කල්පාන්තය
06. භාෂාවකින් අනෙක් භාෂාවකට පෙරලීම, පරිවර්තනයෙන් ලැබූ කෘතිය
07. වෙනස විපර්යාසය
08. (භාණ්ඩාදියක) හුවමාරුව
[සංස්කෘත තත්සම]
මෙය ලේඛනයකි. මෙය විමර්ශනයකි. මෙය යම්කිසි ආකාරයක කලාත්මක විශ්ලේෂණයකි.
එමනිසා පරාවර්තනය හෝ වේවා, පරිවර්තනය යන වචන එහි මූල අර්ථය නොව මගේ පෞද්ගලික අත්දැකීම් හා දෘෂ්ටිවාදය මත පිහිටා සිදුවනු ඇත.
මා පාසැලට යන සමයේදී මාගේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන සමයේදී (7 ශ්‍රේණියේ [ක්‍රි.ව. 2003] සිට 9 ශ්‍රේණිය [ක්‍රි.ව. 2005]) සිංහල භාෂාව හා සාහිත්‍යය හදාරණ විට ලද කෙටිකතාවක් ලිවීම හා පද්‍යයක් ඉංග්‍රීසියට පරිවර්තනය පිළිබඳව අත්දැකීම් ලේඛණගත කිරීමකි.
එම අත්දැකීම් මගින් ජනිත වූ මාගේ සිතුවිලි වල මානසික විපර්යාස මෙසේ මාගේ ස්වයං වින්දනය උදෙසා බ්ලොග් පිටු අතර ලියා තබමි. ඔබටත් කියවීමට අවසර ඇත.
--------------------------------------------------------------------------------------------------------------------------
පළමුව පරාවර්තනය,
මා නවය වසරේදී එනම් (ක්‍රි.ව. 2005) දී අධ්‍යාපන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ (අ.පො.ස.) (ස/පෙළ) සඳහා 2007 දී මුහුණ දීම සඳහා යාමට පෙර,
සිංහල භාෂාව හා සාහිත්‍යය විෂය යටතේ 'ගී ද මෝපසාං' විසින් ප්‍රංශ බසින් රචිත "The Necklace" හෙවත් "දියමන්ති මාලය" නම් ලෝ ප්‍රකට කෙටි කතාවේ කේ. ජී. කරුණාතිලක ගේ සිංහල පරිවර්තනය [ඉංග්‍රීසි බසින්] අධ්‍යනය කිරීමට හැකිවිය.
අදාළ මුද්‍රණය කරන ලද 'සිංහල භාෂාව හා සාහිත්‍යය' විෂය ට අදාල රජය විසින් ලබාදෙන මුද්‍රිත පොත තුල ඇතුළත් අභ්‍යාස වල ක්‍රියාකාරකමක් ලෙස 'දියමන්ති මාලය' කෙටි කතාවේ අවසානයේ එහි මැද සිට වෙනස්කිරීමට සිදුවූ අතර එය අපගේ අදාල විෂය භාර ගුරුතුමිය ගේ අවශ්‍යතාව මත පංතිය තුළ ක්‍රියාවට නැංවීමට සිසුන්ට සිදුවිය.
මෙම ක්‍රියාකාරකම් ගැන අධ්‍යනයට පෙර මෙය කියවන්නාට "දියමන්ති මාලය" නම් කෙටි කතාව සරලව පැහැදිලි කළ යුතුයි.
නැත්නම් මා විසින් කරන ලද "සාහිත්‍යමය පරාවර්තනය" වටහා ගැනීමට කියවන්නාට අපහසු වනු ඇත.
සරලව හා සංක්ෂිප්තව කෙටි කතාව මෙසේ ලියා දැක්විය හැක.
කථාව සිදුවන්නේ 19 වැනි ශතවර්ෂයේ ප්‍රංශයේ පැරිසිය නගරයේය. කතාව ප්‍රධාන චරිතය 'මැතිලඩා' නම් වූ සුන්දර, එමනිසා උඩඟු වූ පහළ මධ්‍යම පන්තික පවුලකට විවාහ වූ ගැහැණියකගේ කතාවකි.
ඇය ලිපිකරුවකුට විවාහ වූ අතර තම විවාහයට මෙන්ම, තම ජීවිතයටද දැක්වුයේද ඉතාම අප්‍රියතාවයකි. ඇය බොහෝ විට මනොභාවත්මක ලෙස ඉහළ පැලැන්තියේ ජීවිත ගැන සිහින මවමින් කාලය ගත කළේය.
කථාව මෙවැනි හැඳින්වීමකින් ආරම්භවී ඉන්පසු මුලික කථා තේමාවට ඇතුළත් වන්නේ තම ලිපිකරු වෘත්තියක් කරන ස්වාමිපුරුෂයාට නගරයේ තම රැකියා කරන ස්ථානයේ ප්‍රධාන උත්සවයකට සහභාගී වීමට ආරාධනයක් හිමි වීමත් සමඟ ය.
එයට සහභාගී වීමට නම් ඇයට ඉතාම සුන්දර ඇඳුමක් අවශ්‍යය බවත් එම ඇඳුමට ගැළපෙන දියමන්ති හෝ අනෙකුත් රන් පළදනා අවශ්‍ය බවත් ඇය තම ස්වාමියාට පවසයි.
දීර්ඝ බහින් බස් වීමකින් පසු ඔහු ඇයට ඇඳුමක් ලබාදීමට පමණක් තීරණය කරයි. ඇය තම මිතුරියකගෙන් ඉතාම ඉහළ වටිනාකමකින් යුත් දියමන්ති මාලයක් ඉල්ලා ගනී.
ඇය ඉතාම සුන්දර හා අදහාගත නොහැකි සුන්දරත්වයකින් යුතුව සාදයට යයි.
ඇයව මහත් ආදරයෙන් සියල්ලෝම පිළිගනී.
ඇය කා, බී, නටමින් හා ගයමින් මුළු සාදය පුරාවට හොඳින් විනෝදයක් ලබයි.
සාදය අවසන් වී නිවසට එන ඇය දකින්නේ තම දියමන්ති මාලය අතුරුදහන් වී ඇති බවයි. ඉන්පසු ඇයගේ හා තම ස්වාමියාගේ ජීවිතය උඩු යටිකුරු වේ. ඔවුන් දෙදෙනා අවට සෑම තැනකින්ම ණය ගෙන එවැනිම දියමන්ති මාලයක් සාදවා තම මිතුරියට ලබාදෙයි.
ඉන්පසු කාළය ගෙවී යයි. ඉතාම කටුක හා වෙහෙසකර වසර කිහිපයකට පසු ඇය ණය ගෙවා සතුටින් පාර තුළ ඇවිදිමින් නගරයේ පරිසරය අත් විඳියි. එවිට ඇයගේ පෙර පැවති රූපය හා ජවය ඇගෙන් ඉවත්වී ගොසිනි.
ඇයට නගරයේ පාරේ ඇවිද යන විට තම මිතුරිය හමුවේ. ඇය සමඟ කථා බස් කරන විට මතිල්ඩාගේ මිතුරා ඇගේ සිරුරේ විපර්යාස ගැන විමසයි. එවිට මතිල්ඩා පවසන්නේ ඇය නිසා මෙය සිදුවූ බවයි.
විස්මයට පත් මතිල්ඩාගේ මිතුරිය අදාළ ප්‍රශ්නය හා පිළිතුර හාරා අවුස්සයි.
ඉන්පසු මතිල්ඩා අදාළ ගැටලුව දියමන්ති මාළය හා සම්බන්ද බවත් අදාළ සිදුවීම ඇතුලත් කථාව පවසයි.
එවිට එම තත්ත්වයට පිළිතුරක් ලෙස මතිල්ඩාගේ මිතුරිය පවසන්නේ මෙම මාලය එතරම් නොවටිනා මාලයක් බවයි.
මෙසේ ඉතාම උද්වේගකර සිතුවිලි ධාරාවක් පාඨක මනස තුළ ඇතිකරමින් කථාව අවසන් වේ.
අපගේ "සිංහල භාෂා හා සාහිත්‍යය" යන 9 වසර මුද්‍රණය කරන ලද පොතට අනුව මෙහි ක්‍රියාකාරකමක් වුයේ,
දියමන්ති මාලය නැතිවීමත් සමඟ කථාවට අදාළ වන පරිසරය හා තේමාව වෙනස් කර සිසුවාට කතාව අවසන් කරන ලෙසය.
මේ සඳහා ඇය අපට දවසක කාලයක් ලබා දුන්නේය.
මම මෙම කතාවට සම්පුර්ණ සාහිත්‍යමය පරාවර්තනයක් ආදේශ කළේය.
එහි සාහිත්‍යමය ගුණාත්මක බව සංසන්දනාත්මකව අනෙකුත් සාහිත්‍යමය නිර්මාණ වල නිර්මාණ අවශ්‍යතා හා වුවමනා මත පිහිටා නැති අතර මාගේ පෞද්ගලික අවශ්‍යතාවය මත සිදුවිය.
මෙය මාගේ හුදු නිර්මාණාත්මක වින්දනය උදෙසා සිදුකළ අතර එය එම අරමුණින් සිදුවූ අතර මෙම නිර්මාණය මගින් මෙම නිර්මාණයට අදාල සහිත්යවෙදින්ට හෝ අදාළ චරිත වලට කිසි විටක අගෞරවයක් කිරීමට මම බලාපොරොත්තු නොවීමි.
එමනිසා මගේ සාහිත්‍යමය පරාවර්තනය වැඩි පැහැදිලි කිරීම් වලින් තොරව ඉදිරිපත් කිරීමට තීරණය කලෙමි.
සාරාංශයක් ලෙස මගේ කථාවේ මතිල්ඩා එතරම් හොඳ හෝ අවංක කාන්තාවක් නොවේ, තම ඉහත කතාවේ විපතට මුහුණ දෙන විට.
අවස්ථාව ලද විගසින් ඇය එයින් ප්‍රයෝජන ගනී.
ඇයගේ මනෝභාවාත්මක සිතුවිලි ස්වභාවයෙන්ම ඇයව අපරාදයට යොමු කරයි.
ක්‍රමයෙන් ඇය සොරකමක් කිරීමට තම ආර්ථික පරිහාණියද, උත්සවයේ දුටු ඉහළ පැලැන්තියේ සුන්දරත්වයද හා තමාට අත්විය හැකි පිළිගත නොහැකි අනාගතයද යොමු කරයි. එදා දියමන්ති මාලය නැතිවූ රාත්‍රිය ඇයට දීර්ඝ රාත්‍රියක් විය. ඇය හා ස්වාමියා දිගින් දිගටම කල්පනා කරමින් පසුව මෙම අපරාධයට යොමු වේ. එය දීර්ඝ සාකච්චාවක් හා විවාදයක් වුවත් දෙදෙනාම අනාගතය මෙම තීරණය මත පවතින මත යන අදහස තුල එම අපරාධකාරී ක්‍රියාවට ඔවුන් පෙළඹේ.
මම එම ක්‍රියාව මෙම අවස්ථාවේදී කෙටි කතාවේ හෙළි නොකරන්නේ එමගින් පෙර පවතී ගී ද මෝපසාං ගේ කෙටි කතාවේ අවසානයේ පැවති ඒ උද්වේගකර හැඟීම් පාඨකයාට ලබා දීමේ අරමුණෙනි.
කෙසේ හෝ වේවා මෙලෙස එදින රැයෙන් අවසන් වන කතාව නැවත ආරම්භ වන්නේ ප්‍රංශයේ පැරිසියේ, නගරයේ මැද සිදුවන සැණකෙළියකිනි. මෙම සැණකෙළිය ඉතා ඉහලින් පවත්වන අතර මතිල්ඩා හා තම ස්වාමියා මෙම උත්සවය ඉතා ඉහලින් සමරණ බවක් පෙනේ. ඇය දැන් ඉහළ ආදායම් ලාබී ස්වාමියකුගේ පොහොසත් බිරිඳකි. එමනිසදෝ ඇය සහ ඔහුගේ නගරයේ සාදයේ කාටත් වඩා හොඳින් හා සතුටින් සමරන සාදය තුළ කාළය, පරිසරය හා කාලගුණය යන සාධක ඔවුනට අමතක වී ඇති බවක් පෙනේ.
මෙසේ නොමසුරුව විනෝද වෙමින් නටන යුවලට එසැනින් කවුරුද හෝ පැමිණ බදා කරයි.
එනමුදු මතිල්ඩා හා තම ස්වාමියාට ක්ෂණයකින් ඔවුන් කවුදැයි හඳුනාගත නොහැකි වේ.
විමසිල්ලෙන් බලන විට ඇය තම දියමන්ති මාලය දුන් මිතුරා බව ඇය වටහා ගනී.
මතිල්ඩා ගේ සිරුරම දහදියෙන් තෙත්වී යයි.
ඇයට වසර ගණනකට පමණ පෙර කල ඒ සොරකම සිහිවේ.
ඇය ඉතාම වටිනා දියමන්ති මාලයක් වෙනුවට එවැනිම ව්‍යාජ මාලයක් ඇයට ලබාදී ඇති බවට හෙළිවේ.
කතාව අවසන් වේ.
මෙම අවසානයට මග පැදෙන මුලික මිනිස් මානසිකත්වයන් ඉතා හොඳින් මට මතක ආකාරයට ක්‍රි.ව. 2005 දී මම පෙර ජේදයන්හිදී පැහැදිළි කර තිබ්බෙමි.
මෙම "සාහිත්‍යමය පරාවර්තනය" පෞද්ගලිකව මාගේ සිංහල භාෂා හා සාහිත්‍යමය ගුරුවරිය විසින්ද ඉතාමත් හොඳ ලෙස වර්ණනය කරන ලදී. මට ඇයගේ නම මතක නැත.
මෙලෙස "භාෂාමය හා සාහිත්‍යමය පරාවර්තනය" පිළිබඳ මාගේ සිතුවිළි සමුදාය බ්ලොග් පිටු අතර සටහන් කිරීම අවසන් වේ.
"භාෂාමය හා සාහිත්‍යමය පරිවර්තනය", මා විසින් සිදුකෙරෙන්නේ මගේ ද්විතියික අධ්‍යාපනය ලබන සමයේදී, එනම් 7 වසරේදීය. එනම් ක්‍රි.ව. 2003 දී ය. මෙය සිංහලෙන් මගේ මිතුරකු විසින් ලියන ලද කවියක් ඉංග්‍රීසි බසට පෙරලීමයි.
ඔහු නමින් ප්‍රවීන් සමරවික්‍රමය.
දැන් ඔහු වෛද්‍යවරයෙකි.
ඔහු එම සමයේදී බොහෝ සිංහල මෙන්ම ඉංග්‍රීසි කවි ලිවීමට හුරුවක් පෙන්වන ලදී.
මේ වනවිට මමද මගේ බොහෝ ලේඛණ මෙලෙස කටුසටහන් ලෙස ලිවිම ආරම්භ කල සිටියෙමි.
ඇත්තටම මෙම සමයේදී බොහෝ සිසුන් මම මෙන්ම බොහෝ විවිද විෂය බාහිර ක්‍රියාකාරකම් වලට යොමු වේ. [සංගම්, සාහිත්‍ය, ක්‍රීඩාව]
ඔහු විසින් ජුලියස් සීසර්, ක්ලෙයෝපට්‍රා හා මාර්ක් ඇන්තනි අතර තිදෙනා ගේ පවතී සම්බන්ධතාවයත්, එමගින් ජනිත වූ ජුලියස් සීසර්ගේ ඉතාමත් ගිනිගත් කෝපයත් පිලිබඳ ඉතාම මායාකාරී හා බියකරු භාශා භාවිතයකින්, ඉන්ද්‍රජාලික යථාර්තවාදී සාහිත්‍යමය මගක් ගනිමින් ලියු පර්යේෂණාත්මක නිසඳැස් කවියකි.
මගේ අවංක සිතුවිලි වන්නේ මෙවන් නිර්මාණයක් බිහිවීමට තිබිණු සාහිත්‍යමය පරිසරය, එයට යොදාගත් භාෂාව හෝ එහි එන වාක්‍ය කාණ්ඩයන් මට අමතක බවයි.
මාගේ ඉංග්‍රීසි පරිවර්තනයේ බිහිවීමට බලපෑ වචන, භාෂාව හෝ පරිසරයද එසේමය.
නමුත් මට මතක එක දෙයක් ඇත. එනම් එය ඉහළ ලෙස විවේචනයට ලක් විය.
ඒ ඉංග්‍රීසි පරිවර්තනයේ පැවති අත්දැකීම් මද ස්වභාවය සහ ගුණාත්මක බවේ මද බවයි.
කෙසේ වෙතත් මම මෙම පරිවර්තනය හා පරාවර්තනය තුලින් සතුටක් ලැබුවෙමි.
එම සතුටුදායක මතකයන් නිසා මම තවමත් බොහොම සතුටින් මෙම ලේඛනය ලියමි.
ලියා අවසන් කරමි.
Translation and Reflection
This is a written electronic document. It's an observation. And also an artistic and a literature-based analysis.
Therefore translation or reflection this will be based on my personal experiences and ideologies. The two (02) above words will play a vital role in this post. So keep in mind about these two words during your reading.
These two (02) words were used in Grade 07 (2003 A.D.) and Grade 09 (2005 A.D.)
In grade 07 (2003 A.D.) I and many of my friends at school were in Sinhala Literature and many other co-curricular and extra-curricular activities.
My 'translation' of literature occurred during this period.
It was a translation into English of a Sinhala poem.
It was written by one of my friend's from 2003 A.D. in my class in the 7th grade.
He is currently a medical doctor.
His name is Mr. Praveen Samarawickrama.
The poem was basically about the human emotions fused with anger and hurt related to Julius Caeser, Cleopatra, and Mark Antony.
This was written using the mysticism of language to show the conflict of emotions of the 3 characters.
To be honest I have a little memory of what kind of an environment lead to this poem or its mysticism of language.
My English translation of the same poem also occurred on the same day but I can't remember exactly how it happened.
Many of my friends criticized my use of raw language and also the inexperienced translation techniques.
Secondly, my "reflection" of using literature occurred in Grade 09 (2005 A.D.) where I and my class was given an activity from the "Sinhala language and literature" book to study the short story "The Necklace" by "Guy De Maupassant" translated by Mr. K.G. Karunathilaka from English to Sinhala.
In this short story, it has a very powerful and a mystery like ending.
Therefore the activity was to enable the student to experience a writing of a prose by changing the storyline from the middle.
The story in simple terms reflects a story of a middle-class woman in the 19th century of France, Paris who was married to a clerk of a government sector whom she was dissatisfied due to his lower income. But yet he had enough income to have a servant and also to maintain an average lifestyle to keep his wife happy.
Her name was Mathilde.
One day her husband receives an invitation from his workplace in order to participate in one of the biggest events of France, Paris.
Due to her personal prejudices, she forces her husband to spend a lot of money on her clothing and she requests valuable jewelry to be worn that day.
After long discussions, they come to this agreement between the two of them deciding to purchase a lovely dress but to borrow a necklace.
She borrows this beautiful necklace from her friend which she thinks it's very valuable.
She goes to the party well prepared and enjoys like she never did before.
But to realize once she arrives home she has lost the necklace.
With a terrorized mind and horror of the fragility of reality, she struggles with her husband for a decade by replacing it with a highly valued diamond necklace.
After the burden, she walks in the city losing her previous youth, mentally and physically. But still, she is determined to face the truth of life.
As she walks she meets her old friend who gave her the diamond necklace which leads to the twist that the necklace was actually imitation and not that valuable.
Leaving the reader with such confusion and surprise short story ends makes it one of the best short stories ever to be written.
Since that's the scenario of the short story our activity was to continue the story from the moment the necklace was lost. We were given one (01) day for the completion of the assignment.
What I simply did was adding a delicate twist to the plot of the short story. I changed the ending making Mathilde a bad person. And she changes the valuable diamond necklace to an imitation once lost.
Then the story ends vice versa being characters her friend later after two (02) years or so accusing her of thievery.
Trying to grasp the previous endings emotional impact I remember suddenly finishing the story in my version also giving a twist to the readers.
My Sinhala teacher also praised this tactic.
In my 27 years of age, I enjoyed this writing experiences which is etched to my memory.
Comments
Post a Comment